පළවෙනි ලිපියෙන් අපි කතා කළේ කිරි දත් වල වැදගත්කම සහ කිරිදත් දිරායාමට හේතු පිළිබඳව. ඉතින් අද කියන්න බලාපොරොත්තු වෙන්නෙ කිරිදත් දිරායාම කොහොමද වළක්ව ගන්නෙ කියලා.
මුල්ම කිරිදත එන්නෙ වයස මාස 6ක් පමණ කාලෙදි. ගොඩක් වෙලාවට බබාට මේ වෙද්දි මව්කිරි වලට අමතරව ඝන ආහාර දෙන්න පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ නිසා එක දතක් ආවට පස්සෙ ඉඳන්ම දත් පිරිසිදු කිරීම කරන්න පටන් ගන්න ඕනෙ.
පුංචිම බබාලාගෙ නම් පිරිසිදු රෙදි කෑල්ලක් එහෙම නැත්තම් ගෝස් කෑල්ලකින් දත් ටික පිස දමලා පිරිසිදු කරන්න පුළුවන්. දත් දෙකකට වඩා වැඩියෙන් තියෙනවනම් කුඩා දරුවන් සදහා'ම නිෂ්පාදනය කරපු දත් බුරුසුවක් යොදාගන්න පුළුවන්. දන්තාලේපය සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒ දන්තාලේප ප්‍රමාණය පහත රූපයේ දක්වා ඇති පරිදි විය යුතුයි.
අවුරුදු දෙකට වඩා අඩු දරුවන් සඳහා පළවන රූපයේ පරිදි තුනී ස්තරයක් (smear layer) පාවිච්චි කළ යුතුයි.
අවුරුදු දෙකට වඩා වැඩි දරුවන් සඳහා දෙවන රූපයේ පරිදි මුං ඇටයක ප්‍රමාණයක් පාවිච්චි කළ යුතුයි.
පොඩි අය හරිම කැමතියි දත් බෙහෙත් ගිලින්න. ඒත් පොඩි කාලෙදි මෙහෙම අධික ලෙස ෆ්ලෝරයිඩ් ශරීරගත වුණාම ෆ්ලෝරෝසිස් වගේ රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දන්තාලේප ගිලින් එක අපි වළක්වගන්න ඕනෙ.
දරුවාට අවුරුදු 10ක් පමණ වෙනකල් දත් මැදීමට දෙමව්පියන්ගේ සහය ලැබෙනවා නම් ඉතාම හොඳයි. මොකද කුඩා දරුවන්ට තමන්ගේ දත් නිසි පරිදි පිරිසිදු කරගන්න එක ටිකක් අමාරු කටයුත්තක්.
ඒ වගේම දන්ත විකලාංග ඉවැරදි කිරීම සඳහා කම්බි වගේ දේවල් දාල තියෙනවා නම් මැලියම් බැඳීම ඉහළ මට්ටමක තියෙන්නෙ. ඒ නිසා හොඳින් දත් මැදීම ඉතාම වැදගත්.
දවසට දෙවරක්, උදේ සහ රාත්‍රීයේදී ප්‍රධාන ආහාර වේල් වලට පස්සෙ දත් මැදීම ප්‍රමාණවත්.
කිරි දත් පරිස්සම් කරගන්න පැණි රස කෑම අඩු කරන්නෙ කොහොමද කියලා අපි ඊලඟ ලිපියෙන් බලමු..
අම්මෝ දත් මද්දන්ඩ තියන අමාරුවක්
ReplyDeleteඅමාරුවෙන් හරි මද්දන්න අටම් අයියෙ. නැත්තම් පොඩි අයට දත් කැක්කුම හැදුනාම බලන් ඉන්න බෑ. එච්චරට වේදනයි.
Deleteකොච්චර දත් පරෙස්සම් කලත් සමහරුන්ගේ දත් ඉක්මනින් නරක් වෙන්නෙ දිරාපත් වෙනේ ඇයි?
ReplyDeleteදත් නරක් වෙන්න ප්‍රධාන අවශ්‍යතා 4ක් සපුරන්න ඕනෙ. ඒ තමයි දත, කාබොහයිඩ්රේට, කාලය සහ බැක්ටීරියා. ඉතින් මේ එක සාධකයක් හරි වැඩි වුණොත් තමයි දත් නරක් වෙන්නෙ. කාබෝහයිඩ්රේට් වැඩි වෙන්නෙ පැණිරස ගොඩක් කෑවහම. බැක්ටීරියා වැඩි වෙන්න නම් ඉතින් ජානමය හේතු බලපානවා. කාලය කියන්නෙ දත් මදින්නෙ නැතුව ඉන්න කාලය. දතේ ස්වභාවය වෙනස් වෙනවා විවිධ රෝගී තත්ව නිසා. එතකොට දත් ඉක්මනට නරක් වෙනවා.
Deleteඊට dඅමතරව දියවැඩියාව, ඛේට ග්‍රන්ථි ආශ්රිත රෝග, විකිරණ ප්‍රතිකාර නිසා කටේ කෙල ප්‍රමාණය අඩුවීම නිසත් දත් නරක් වෙන්න පුළුවන්.
සතුටක් මෙවන් ලිපි සිංහල බ්ලොග් අතරට එක්වීම පිළිබඳව , ස්තුතියි ඔබට
ReplyDeleteඔබ වැනි කෙනෙක්ගෙන් එවැනි අදහසක් ලැබීම සතුටක්. ස්තූතියි..
Deleteවටිනා තොරතුරු, දත් මුල් දියවීම, දුර්ගන්දය වැනි දේවල් ගැනත් ලියන්න..
ReplyDeleteවිදුරුමස් රෝග ගැන ලියලා තිබෙන ලිපියේ තියෙන්නෙ දත් මුල් දියවීම ගැන. දුර්ගන්ධය ගැන ලියන්නම් ඉක්මනටම..
Deleteස්තූතියි..
ඕං ආවා අපිත් මේ පැත්තෙ.. අම්මා මද්දන කාලෙ නම් දත් ටික හොඳට මැදුණා තමා..))
ReplyDeleteදැනුත් මදින්න ඉතින් දත් ටික හොඳට.. නැත්තම් ඉතින් දත් ටික නරක් වෙයි..
Deleteඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා
ReplyDelete