
ස්නායු පිරවීමක් කළ යුත්තේ ඇයි?
කල්ක කුහරය ආසාදනය වුණාම එය රුධිර නාල ඔස්සේ දත ආශ්‍රිත පටක වලාට පැතිරෙන්න පුළුවන්. දත අසල ගෙඩියක්(abscess) ඇතිවීම වගේම ඉදිමීම සිදු වෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ඔස්සේ සිදුවීම නිසා වෙනත් රෝගී තත්වයන්ද ඇති වෙන්න පුළුවන්. යටි ඇන්දේ දතක් නම් විෂබීජ පැතිරිලා ආශ්‍රිත පටක ඉදිමීම නිසා ශ්වසන පද්ධතිය අවහිර වීමෙන් මරණය පවා සිදුවීමේ හැකියාවක් තියෙනවා.
මෙම ප්‍රතිකාරය සාමාන්‍යයෙන් සිදු කරන්නේ හිරි වට්ටලා. ඒ නිසා වේදනාවක් දැනෙන්නේ නෑ. ආසාදිත පටක කොටස් ඉවත් කරලා වෙනත් මාධ්‍යයකින් කල්ක කුහරය පිරවීම තමයි සිදු කරන්නේ. මේක ගොඩක් සියුම් ඒ වගේම කාලය ගතවෙන ක්‍රියාවලියක්.
රෝග ලක්ෂණ
ස්නායු පිරවීමක් කරන්නේ සාමාන්‍ය පිරවුමක් කළ නොහැකි දත් වලට. ඒ කියන්නේ කල්ක කුහරය ආසාදනය වුණාම ස්නායු පිරවීමක් කරන්න වෙනවා. මේ දතේ ගොඩක් වෙලාවට කිසිම වේදනාවක් නැහැ. ඒත් දතේ අවපැහැ ගැනීමක් තියෙන්න පුළුවන්. කාලයකට පෙර වේදනා ගෙන දුන්න දතක් දැන් කිසිම වේදනාවක් නැතුව අවපැහැ ගැන්විලා තියෙනවානම් ඒ දත සඳහා බොහෝවිට ස්නායු පිරවීම් කරන්න වෙනවා.
ඒ වගේම ස්නායු පිරවීමෙන් පසුව දතේ ශක්තිමත් බව අඩුවෙන නිසා බොහෝවිට දත මතුපිටින් කරන crown restoration කළ යුතු වෙනවා.
දත් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. දතක් ගැලෙව්වට පස්සේ ඒ දත අපිට ආයෙ ලබාගන්න බැහැ. ඒ නිසා දත ගලවන්න කලින් ස්නායු පිරවීමක් කරලා ඒ දත ගලවන්නෙ නැතුව බේරගන්න පුළුවන්ද කියලා බලන එක ගොඩක් වැදගත්.
ස්නායු පිරවීමට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මක්කැයි?
ReplyDeleteNURFILLING ද කොහෙද
Delete"ස්නායු පිරවීම" කියන වචනෙත් වැරදියි ඇත්තටම කියනවා නම්. ස්නායු සම්බන්ධ නැහැ මේ ප්‍රතිකාරයට. ඉංග්‍රීසියෙන් කියන්නේ නම් "Root Canal Treatment" කියල...
Deleteඉල්ලීම ඉටුකිරීම ගැන ප්‍රනාමය :-)
ReplyDeleteමම කිව්ව දත ස්නායු පුරවන්න ඕන කියල දොස්තර මහත්තය කිව්වට පස්සෙ මම යූ ටියුබයට ගිහිල්ල බැලුව නර්ව් ෆිලින් කියල ගහල. කොහොම නමුත් ඕකට කියන්නෙ රූට් කැනල් කියල නේද? ඒ නමින් සර්ච් කලාම සෑහෙන්න විස්තර බලාගන්න පුළුවන්. සෑහෙන්න මට්ටමකට සවුත්තු වෙච්ච දත් ස්නායු පුරවන හැටි වීඩියෝ තිබුන. දැන් ප්‍රශ්න,
1.මූලිකවම මුදල් වැයවන කේස් එකක් තමයි. දතක් පුරවන්න රුපියල් හත් අට දාහක් යනව කියලයි දොස්තර මහත්තය කිව්වෙ. හැබැයි ඉතිං දතක වටිනාකම මට නං මිල කරන්න බෑ. ගනන් සාමාන්‍යයෙන් ඔය වගේද?
2.දවස් දෙකකදි වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද? නැත්තං ඊට වැඩිය දවසක් යයිද?
3."crown restoration" කියන්නෙ මොකද්ද?
4.ස්නායු පුරවපු දතක් අජීවී නිසා දත කැඩෙන්න පුළුවන්ද? පුරවපු දත් පරෙස්සම් කරගත යුතුද?
5.මම දැකපු වීඩියෝවකට අනුව දත හාරන්න කලින් කොලපාට මොකක්දෝ එකකින් (රෙද්දක්/ඉටිකොලයක් වගේ) අනෙක් දත් වහල අදාල දත විතරක් මතුකරගන්නව. එයා කියපු විදියට නරක්වූ දතේ ඇති බැක්ටීරියා අනෙක් දත් වල ස්පර්ශ වීම වලක්වන්නලු එහෙම කරන්නෙ. ලංකාවෙත් ඒ ක්‍රමය තියනවද?
ඇත්තටම් නම් ස්නායු පිරවීමට ඉංග්‍රීසියෙන් කියන්නේ "Root canal treatment" කියලා.
Delete1) සාමාන්‍යයෙන් මේ ප්‍රතිකාරය ගොඩක් සියුම් එකක්. ගොඩාක් සැලකිලිමත්ව කරන්න ඕනෙ. ඒ වගේම ගොඩක් කාලයක් වැය වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් රුපියල් හත් අට දාහක් යනවා. ඊට වඩා වියදම් වෙන වෙලාවලුත් තියෙනවා.
2) ඒක තීරණය වෙන්නේ නම් වෛද්‍යවරයා අනුව.
3) "crown restoration" එකේදි කරන්නේ දත උඩට කොපුවක් වගේ එකක් සවි කරන එකට. ගොඩක් දිරාපත් වෙච්ච දතකට තමයි මේ ප්‍රතිකාරය කරන්නෙ. ස්නායු පිරවීම කරන්නේ දතේ මුල කොටසට විතරයි. ඒ නිසා මේ ප්‍රතිකාරය හරිම වැදගත්.
4)ස්නායු පුරවන්නෙත් අජීවී දත්. ස්නායු පුරවපු දත් වලට crown restoration එකක් කලාම දතේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. නමුත් ගොඩක් තද දේවල් හපන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි.
5)ඔය කියන්නේ "Rubber Dam" එක ගැන. ඒ මගින් ස්නායු පිරවීමට භාවිතා කරන උපකරණ, chemicals වගේ දේවල් කට ඇතුලට යාම වළක්වනවා. පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහලේ නම් සෑම ස්නායු පිරවීමක්ම සඳහා දත isolate කර ගැනීමට ඔය ක්‍රමය භාවිත කරනවා...
ස්නායු පිරවීමක් කරන්න ගත වෙන කාලය තීරණය වෙන තව සාධකයක් තමයි දතේ මුල අවට අස්ථියේ ස්වභාවය..
Deleteවිෂබීජ ගොඩක් කල් දතේ මුල එකතු වෙලා තිබ්බොත් දත මුල අවට අස්ථිය දුර්වල වෙන්න පටන් ගන්නවා.. ඒවගේ වෙලාවට ස්නායු පිරවීමට කලින් , ඒ ආසාධිත අවස්ථාව සුව කළයුතු වෙනවා.. මේ සඳහා මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්..
මතක තියාගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි ස්නායු පිරවීම කියල කියන්නේ ප්‍රතිකාර මාලාවක එක පියවරක්.. ස්නායු පිරවීමකින් පසු ඉහත සඳහන් කළ crown restoration එකක් කළවිට තමයි ප්‍රතිකාරය සම්පූර්ණ වෙන්නේ ..
ඒත් ඒ සඳහා බොහෝ වෙලාවට නැඹුරු වෙන පිරිස ඉතාම අඩුයි ඊට වැයවන අධික මුදල නිසා.. ඒ සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය අනුව මිල තවත් වෙනස් වෙනවා..
crown restoration එක නොකිරීමෙන් , ස්නායු පිරවූ දත් නැවත කඩාගෙන එන රෝගීන් ගොඩක් සුලබයි..
ස්නායු පුරවන දත් , තෙතමනයකින් තොර නිසාම බිඳෙන සුළු(brittle) ස්වභාවයක් ගන්නවා.. ඉතින් දත පරෙස්සම් කරගන්න ඕන..
ඒත් දතක් නැති කරගන්නවාට වඩා දත එහෙම තියාගන්න එක හැම අතින්ම වාසිදායකයි..
වටිනා ලිපියක්
ReplyDeleteස්තූතියි..
Deleteයටි හක්කෙ මුලම තියන ස්නයු දත් පුරවනකොට නිර්වින්දනය කරලද ස්නායු පුරවන්නේ
Deleteගොඩක් වටිනා ලිපියක්. ස්නායු පිරවීමක් කල කෙනෙක්ට දෙන්න ඕනෙ උපදෙස් මොනවද?
ReplyDeleteඑහෙම විශේෂ උපදෙස් කියල නම් නැහැ. ඒත් වැදගත් වෙයි කියල හිතෙන දේවල් ටිකක් කියන්නම්.
Delete*ස්නායු පිරවීම කලාට පස්සේ දැම්මේ තාවකාලික පිරවුමක් නම් එය පරිස්සම් කරගන්න ඕනේ. ගොඩක් තද දේවල් එහෙම හපන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් තාවකාලික පිරවුමක් දැම්මම සති 2කින් ආපහු එන්න කියනවා ස්ථිර පිරවුමක් කරගන්න. එදාට අනිවාර්යයෙන්ම ගිහින් ස්ථිර පිරවුම කරගන්න ඕනේ. මොකද තාවකාලික පිරවුම "තාවකාලිකයි".
* දෙන බෙහෙත් නොවැරදීම බොන එක ගොඩක් වැදගත්.
*දවස් දෙක තුනක් යනකන් කැක්කුම දැනෙන එක සාමාන්‍යයි. ඒත් ඉවසගන්න බැරි කැක්කුමක් දැනෙනවානම් නැවත වෛද්‍යවරයා මුණ ගැහෙන්න.
*ස්නායු පිරවුමක් අවසානයේ අනිවාර්යයෙන්ම එක්ස් රේ එකක් අරන් බලන්න ඕනේ පිරවුම හරියට කෙරිලද කියල. ඒ නිසා ඒ එක්ස් රේ එක වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම පෙන්විය යුතුයි.
*දතේ උඩු පිරවුම කැඩුනොත් හෝ ගැලවුනොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා මුණ ගැසිය යුතුයි.
ස්නායු පුරවද්දි පොඩ් කටු වගයක් ගහනවනේ ඒවට ඉංග්‍රීසියෙන් කියන නම මොකද්ද
Deletemama hoya hoya idapu lipiyak.... thnk
ReplyDeleteඔබටත් ස්තූතියි
Deleteමගේ දතක ස්නායු පිරෙව්වා. දෙවනි සැරේට. ඒත් විටින් විට ඒ දතේ වේදනාවක් හට ගන්නවා. එහෙම වෙන්නේ ඇයි ?
Deletemama hoya hoya idapu lipiyak.... thnk
ReplyDeleteඔබටත් ස්තූතියි
Deleteගොඩාක් වැදගත් ලිපියක් .ස්තුතිවන්ත වෙනවා .මගෙ ඉස්සරහා දත් දෙක කැඩුණු නිසා nurvefilling කරන්න වුණා අවුරුදු 5 ta කලින්.crown එකක් දැම්මා .den ඒක helawe නිසා අලුතින් crown 1kk දාන්න හොඳම doctor කෙනෙක් කියන්න .මම කුරුණෑගල .නුවර වුනත් කමක් ne.ඉක්මනින් කරන්න ඕනෑ .wedding ලබන මාසෙ .
ReplyDeleteඉදිරිපස කෙළවරේ දතක් වඩාත් කලු පැහැ වී ඇති විට ස්නායු පිරවුම මගින් එය සුදු පැහැ කර යථා තත්ත්වයට පත් කළ හැකිද
ReplyDeleteමගේ ස්නායු පිරවීමක් කලා.නැවත් එන්න කිව්වා.ඒත් ඊට කලින් දතට උඩින් අලවපු වැස්ම ගැලවුනා.ඒක නරකද?ඒකට මොකද කරන්නෙ.එක පැත්තකින් ගැලවිලා..plz reply.
ReplyDeleteමගේ ස්නායු පිරවීමක් කලා.නැවත් එන්න කිව්වා.ඒත් ඊට කලින් දතට උඩින් අලවපු වැස්ම ගැලවුනා.ඒක නරකද?ඒකට මොකද කරන්නෙ.එක පැත්තකින් ගැලවිලා..plz reply.
ReplyDeleteහරිම වැදගත් ලිපියක්. මට දැන ගන්න ඕනේ දතමුල ගොඩාක් වේදනා ගෙන දෙන, දත ඇතුළින් නරක්වී තිබෙන බව හොදට පේන මේ දත පිරවීම ද නැතිනම් ස්නායු පිරවීමද හොඳම දෙය. තව දත් දෙකක් පුරවලා තියෙන්නේ ඒවාගෙනුම් වේදනා එනවා...පිරවීමි එතරම් ම ඔරොත්තු දෙන්නේ නෑනේ...මම ඒ දත්වලටත් ස්නායු පිරවීමද දැන් කළ යුත්තේ.....
ReplyDeleteදතක් implants කරන්න කොපමන මුමුදලක් යනවද.කොහෙන්ද කරන්න පුළුවන් .
ReplyDeleteඕක කරද්දි ගොඩක් රිදෙනවද සාමාන්‍ය පිරවුමකට වඩා?
ReplyDeleteමගේ දතක් පිරෙව්වා.දෙපාරක් එන්න කිව්වා.දෙවෙනි පාර ස්ථීර පිරවුමක් කරගන්න එන්න කිව්වේ.මට දැනගන්න පුලුවන්ද දැන් පලවෙනි පාර පුරවලානෙ තියෙන්නේ .එතඑතකොට දෙවෙනිපාර ගියාම මොකද කරන්නේ .එක අයින් කරලද අයේ පුරවන්නෙ..රිදෙනවද..හිරිවට්ටනවද.මට දෙවෙනි පාර එන්න කිව්වේ සති 6කින්...මං මෙ පලවෙනි වතාවට දත් පිරෙව්වේ.මට මෙ විස්තර ටික කියන්න පුලුවන්ද ....😊
ReplyDeleteCASINO RESORT, Las Vegas - MapYRO
ReplyDeleteFind Casinos Near Casino 밀양 출장안마 at 속초 출장샵 777 Casino 영천 출장안마 Dr, Las Vegas, NV. If 인천광역 출장안마 you're looking for the nearest Las Vegas casinos, you've come to the right 오산 출장마사지 place!
මගෙ දතක පොඩි කෑල්ලක් කැඩිලා ඉස්සරහ දත්ක ඒකට ස්නායු පුරවන්න ඕනද් නැත්තං fill කරන්න ඕනද කීයක් වගේ යයිද
ReplyDeleteදතක් සාමාන්‍ය පිරවීමක් කරන්න යන මුදල කොපමණද
ReplyDeleteස්තුතියි ගොඩක් පින් සිදුවෙනවා. අද මගෙ දතක් ගැලෙවුවා... ඒකෙ තියන වේදනාව ට ඩොක්ටර් කියපු කිසිම දෙයක් මතක නැතුව හිටියේ. මේ බ්ලොග් එකෙන් තමයි. ඒටික මතක් කර ගත්තේ.යට හනුවෙ කෙරවලම දත. ගලවද්දි දෙපාරක් මට කලන්තෙ වගෙ ආවා. ඩොක්ටර් ටත් අන්තිමට කලන්තෙ වගේ කිවුවා. මැහුමුත් දැම්මා.
ReplyDeleteස්නායු පුරවල තියෙද්දි අර උඩින් දාන බදාමය වගේ එක ගැලවෙනවනෙ දත් මදිද්දි. ඒක සාමාන්‍ය දෙයක්ද
ReplyDelete