Friday, April 17, 2015

දත් නරක් වෙන හැටි...

දත් වලට සම්බන්ධ ප්‍රධානම රෝගය තමයි දත් නරක් වෙන එක. මේක හරිම සුලබ රෝගී තත්වයක්. දත් නරක් වීම ගැන තමයි අද කතා කරන්න යන්නේ. 

දත් නරක් වෙනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන ක්‍රියාවලියෙදි වෙන්නේ බැක්ටීරියා කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කරලා නිපදවෙන අම්ලය නිසා දතේ පටක විනාශ වෙන එක. ඒ කියන්නේ දතේ තියෙන දෘඩ පටක (Hard Tissues) විඛාදනය වෙන එක.  මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න ප්‍රධාන සාධක 4ක් තියෙන්න ඕනෙ. ඒ තමයි 

  1. කාබෝහයිඩ්‍රේට් 
  2. බැක්ටීරියා 
  3. දතක පෘෂ්ඨය 
  4. කාලය 
මේ සාධක 4ම සම්පූර්ණ වුණොත් තමයි දත නරක් වෙන ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ දත් නරක් වීම පටන් ගන්නේ එනමලයෙන්. එනමලය විඛාදනය වෙන්න පටන් ගත්තාම ඒක පේන්නේ සුදු පාට ලපයක් විදිහට. පහත රූපයේ විදියට තමයි පේන්නේ. ඒත් මේක පිටුපස දත් (හක්කේ දත්) වල නම් මේ තත්වයේ තියෙද්දි අඳුරගන්න අමාරුයි. 

මේ තත්වයේදි නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නෑ. ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන දිනපතා  දත් හොඳින් පිරිසිදු කරගැනීම ප්‍රමාණවත්. 

ඒත් එසේ නොකර හිටියොත් මේ තත්වෙට පත් වෙන්න පුළුවන්. 


මේ තත්වෙදි නම් අනිවාර්යයෙන් දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ප්‍රතිකාර ලබාගැනීම කල යුතුයි. බොහෝවිට මෙහිදි සාමාන්‍ය පිරවුමක් කරන්න පුළුවන්. 

මේ සඳහාත් ප්‍රතිකාර කරන්නේ නැතුව හිටියොත් එහෙම දත පහත රූපයේ තත්වයට පත් වෙනවා. 


මෙම තත්වයේ තියෙන දතකට නම් සාමාන්‍ය පිරවීමක් කරන්න බැහැ. ඒ සඳහා බොහෝ වෙලාවට ස්නායු පිරවීමක් කල යුතුයි, එහෙම නැත්තම් දත ගලවා ඉවත් කරන්න වෙනවා. 

මේ ක්‍රියාවලිය මෙසේ සාරාංශගත කරන්න පුළුවන්.


ඒ නිසා දත නරක් වෙන්න පටන් ගන්න මුල් අවස්ථාවේදීම ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් වලට යොමුවීම හරිම වැදගත්. 

සමහර වෙලාවට මේ දත් කුහර අපිට නොපෙනී තියෙන්න පුළුවන්. ඉතින් දත් නරක් වීමේ අනෙකුත් රෝග ලක්ෂණ ගැන දැනුවත් වීම වැදගත්. 

  • දත් වල වේදනාව/ දත් කැක්කුම 
  • දත් හිරිවැටීම 
  • ශීත හෝ උණුසුම් ආහාර පාන ගැනීමේදී දතේ වේදනාවක්/හිරිවැටීමක් ඇතිවීම. 
  • දත් මතුපිට කළු හෝ දුඹුරු පැහැ ලප ඇතිවීම. 


මේ ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙනවානම් දත් කුහර නැති වුණත් ඔබේ දත් නරක් වෙන්න පටන් අරන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවා. 

22 comments:

  1. හොඳ ලිපියක් සෞඛ්‍ය සම්බන්ධව වැදගත් කරුනු ඇතුලත් වෙච්ච. අපේ බ්ලොග් පාඨකයින් ගොඩ දෙනෙකුට කියවන්න පුළුවන්නම් හොඳයි කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් සින්ඩි කිහිපයකට ඇතුලත් කරා මේ බ්ලොග් අඩවිය.... ඒත් තාම වැඩිය බ්ලොග් පාඨකයන් අතරට වැඩිය ගිහින් නෑ වගේ...

      Delete
  2. මගේ දත් ටික ඔක්කෝම ගලවන්ඩ වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එහෙනම්.

      Delete
  3. මගෙත් දත් දෙකක් අවුල් වගේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉක්මනින් ප්‍රතිකාර වලට යොමුවෙන්න...

      Delete
  4. ඔන්න දත් කැක්කුම් එනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩක්! වටින ලිපියක්!

    ReplyDelete
  5. සෑහෙන්න වටින ලිපි පෙලක්. මම මේක බ්ලොග් රෝලටත් දාගන්නං.
    මගෙත් දතක් රිදෙන්න අරගෙන ගියා දත් දොස්තර මහත්තය ලඟට. රිදෙන නිසා පුරවලත් වැඩක් නෑ කිව්ව. කෝකටත් කියල රිදිල්ලට වේදනා නාශක බීල දත පුරවගත්ත. තාම හොඳයි. දත් ගැලවිල්ල නං අපරාදයක්. ස්නායු පිරවුමක් කලා නං හරිනෙ. ඒ ගැනත් ලිපි දාන්න කියල ඉල්ලා සිටිනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි...

      ගොඩක් අය ස්නායු පිරවීම ගැන නොදන්න නිසාද කොහෙද දත් ගලවන්නමයි යොමු වෙන්නේ. අපි ඉතින් පුළුවන් තරම් උපදෙස් දීලා ස්නායු පුරවන්න යොමු කරනවා. මුදල් ප්‍රශ්නත් ස්නායු පිරවීමකට යොමු නොවෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්.

      ස්නායු පිරවීම කියන්නෙ ටිකක් සංකීර්ණ විෂයක් නිසා ඒ ගැන ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. ඒ ගැන ලිපියක් දාන්නත් උත්සහ කරන්නම්...

      Delete
  6. මගේ හක්කෙ දතක් කටට වතුර ගන්නකොට හිරිවැටෙනවා වගේ වෙනවා.එහෙම වෙන්නෙ ඇයි?

    ReplyDelete
  7. ඔබේ ලිපියට ස්තූතියි! ලෙඩක් හැදෙන්න කලින් එහි ලක්ෂණ ගැන විපරම්වී ලෙඩේ බරපතල තත්වයට යන්න නොදී වළක්වා ගැනීමට කටයුතු කිරීම පුද්ගලයෙක් තම ජීවිතයේ ගන්න අගනා උතුම් තීරණයක්. නිරෝගී පරපුරක් ගොඩනැගීමේ අඩිතාලමත් මෙය විය යුතුයි

    ReplyDelete
  8. Mata nam une harima aulak mage hakke dath deka aurudu ganak thibbe widhurumaha yata eliyata enakota eka dirala dan galawanna wena thathwetama awith

    ReplyDelete
  9. මගෙ හක්කෙ දතක් ඇදේට ඇවිත් උගුරෙ පැත්තක් රිදෙනව සෙම් ගෙඩියත් එක්ක...මොකද්ද කරන්නෙ මේකට...ගිලින්න වත් බෑ කෑම

    ReplyDelete
  10. මගෙත් දත් තුනක් නරක් වෙලා එකක් න්ම් ගලවන්නම වෙනව අනික් දෙක නම් පුරවන්න පුලුවන් .මෙකට ප්‍රතිකාර කලට පස්සෙ නැවතත් අනෙක් දත්වලටත් මෙක බෝ වෙයිද ?

    ReplyDelete
  11. දත් හෙලවෙනවා වගේ දැනෙන එක සාමාන්‍යයිද... අතින් දතක් හොලවනකොට හෙලවෙනව වගෙ දැනෙනවා... කන්නඩියකින් බැලුවම එහෙම දෙයක් පෙන්නන්නේ නෑ දත නිරෝගීව තියෙනව වගේ තමයි පේන්නේ... නමුත් අතින් හොල්ලල බැලුවොත් නිකන් හෙල්ලෙනව වගේ දැනෙනවා ඒක සාමාන්‍යයිද

    ReplyDelete
  12. දත් හෙල්ලෙනවා වගේ දැනෙන එක සාමාන්‍යයිද? අතින් දතක් හොල්ලනකොට හෙල්ලෙනවා වගේ දැනෙනවා ඒත් කන්නාඩියකින් බැලුවම එහෙම හෙල්ලෙනවා වගේ පේන්නේ නෑ හැම දතක්ම වගේ අතින් ටිකක් හොල්ලනකොට හෙල්ලෙනවා වගේ දැනෙනවා.. ඒක සාමාන්‍යයිද

    ReplyDelete
  13. දත් හෙල්ලෙනවා වගේ දැනෙන එක සාමාන්‍යයිද? අතින් දතක් හොල්ලනකොට හෙල්ලෙනවා වගේ දැනෙනවා ඒත් කන්නාඩියකින් බැලුවම එහෙම හෙල්ලෙනවා වගේ පේන්නේ නෑ හැම දතක්ම වගේ අතින් ටිකක් හොල්ලනකොට හෙල්ලෙනවා වගේ දැනෙනවා.. ඒක සාමාන්‍යයිද

    ReplyDelete
  14. මගේ එක දතක් වතුර බොනකොටවගේ රිදිල්ලක් ආව doctor ගාවට ගියාම ඒක හාරල ෆිල්ල් කර ක්ට වහන්න බෑ තිබ්බෙවත් නැති කැක්කුමක් ආව ඒක කීය ගමන් ගලවල දාමු කියල ගැලෙව්වන් ඒත් ඒක නව් ෆිල් එකකින් බේර ගන්න තිබුන දතක් නේද හිතෙනව... දැන් මේ පාර තව දතක් පුරවල තාවකාලික පිරවුම දාල මාස එක හමාරෙන් එන්න කීව ඒත් ඒක රිදෙනව වතුරෙන් කට වේගෙන් සෝදනකොට කරන් ඇවින් දැන් දවස් දෙකක් විතර මේක ඇරිල යයිද නැත්තන් doctor ගාවට යන්න වෙයිද

    ReplyDelete
  15. මගේ දතක් දැන් අවුරුදු 4ක් තිස්සෙ නරක් වෙමින් තිබ්බා සාමාන්‍ය පිරවුම් කරාට හරිගියේ නෑ පස්සෙ අත ඇරලා දැම්මා දැන් රිදෙන්නෙ නෑ හක්කෙ දතක්, ඒ පැත්තෙන් කන්නෙත් නෑ දැන් දතේ බාගයක් විතර නෑ ඒක වටේ තියෙන ව්දුලිමහ රිදෙනවා ඇල්ලුවම මේක මේමම තියලා අවුලක් වෙයිද අනිත් දත් වලට බලපායිද ?

    ReplyDelete