Thursday, April 9, 2015

කැක්කුම නැති දත් ගලවන්නේ මොකටද?


මේ සිදුවීම වුණේ මීට මාසෙකට විතර ඉස්සර... අපි රෝගීයාට සමන් කියමු... 


මම -: එන්න වාඩිවෙන්න. අද මොකක් නිසාද ආවේ?

 සමන්-: මගෙ කටේ ගෙඩියක් ඇවිත්.

මම: දැන් දවස් කීයක් වෙනවද? රිදෙනවද එතන? 

සමන්-: නැහැ. පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ. 

මම-: කට අරින්න අමාරුද? 

සමන්-: නැහැ. එහෙම අමාරුවකුත් නැහැ. 

පරීක්ෂා කරලා බලනකොට එතන තිබුණේ හොඳටම නරක් වෙච්ච දතක්. දතෙන් විෂබීජ ගිහින් තමයි එතන් ගෙඩියක් ඇවිත් තිබුණේ. තව බෙල්ලේ කුද්දටි කිහිපයකුත් තිබුණා. ඒ කියන්නේ තත්වෙ ටිකක් බරපතලයි.. 

මම-: ඔයාගේ කටේ ගෙඩිය තියන තැන තියන දත හොඳටම නරක් වෙලා. ඒ නිසයි ගෙඩියක් ඇවිත් තියෙන්නේ. ඒ ගෙඩිය පළලා සැරව අයින් කරන්න වෙනවා. ඒ වගේම දත ගලවන්නත් වෙනවා. දත ගැලෙව්වෙ නැත්තම් නැවත නැවතත් ඒ ගෙඩිය එන්න පුළුවන්. 

සමන්-: ඒවුණාට මට රිදෙන්නෙ නෑනේ. ඇයි දත ගලවන්නෙ? 

මම-: රිදෙන්නෙ නැති වුණාට ඒ දත හොඳටම නරක් වෙලානේ. එතනින් හැම වෙලේම විෂබීජ යනවා. ඒ නිසා තමයි ගෙඩියකුත් ඇවිත් තියෙන්නේ. තව බෙල්ලේ කුද්දටිත් තියෙනවනේ. ඒ කියන්නේ දත ගලවන්නම වෙනවා. 

සමන්-: දත ගලවන්න ඕනෙ නැහැ. රිදෙන්නෙ නෑනේ.. රිදුනොත් මම ඇවිත් ගලවගන්නම්. 

මම-: නිතරම විෂබීජ යන එක එච්චර හොඳ නැහැ. ඔහොම දිගටම විෂබීජ ගියොත් බෙල්ල ඉදිමිලා හුස්ම ගන්නත් අමාරු වෙයි. 

සමන්-: ඒත් දැන් මට දත රිදෙන්නෙ නෑනේ.. මම රිදුනොත් ඇවිත් ගලවගන්නම්. 

කොච්චර පැහැදිලි කරලා දුන්නත් මෙයා දත ගලවන්න නම් කැමති වුණේ නැහැ.. අපි කිහිප දෙනෙක් ඇවිත් තේරුම් කළත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් බැරිම තැන මම ගිහින් සර්ට කිව්වා. සර් ඇවිත් පරික්ෂා කළා. සර්ගේ අදහස වුණෙත් දත ගලවන්න ඕනේ කියන එක. සර් කොච්චර කිව්වත් ඔහු කැමති වුණේ නැහැ දත ගලවන්න. හේතුව වශයෙන් කිව්වෙ ඔහුට රිදෙන්නෙ නැති එක. 

සර්-: පේෂන්ට් කැමති නැත්තම් අපිට දත ගලවන්න බැහැනේ.. ෆයිල් එකේ පේෂන්ට් කැමති නැහැ කියලා ලියලා පේෂන්ට් යවන්න... 

වෙන කරන්නම දෙයක් නැති තැන ෆයිල් එකේ එහෙම ලියලා පේෂන්ට්ව යැව්වා. පුළුවන් තරම් ඉක්මනට දත ගලවගන්න කියලා උපදෙස් දුන්නත් ඔහු කිව්වෙ කැක්කුම ආවොත් ගලවන්නම් කියන එක... 

ඔහුට මොකක් වුණාද දන්නේ නැහැ... කෙනෙක්ට වේදනාවක් දැනෙන්න කියලා කිසිම වෙලාවක ප්‍රාර්ථනා නොකරන මට මෙයාට නම් ඉක්මනට වේදනාව දැනෙන්න කියලා ප්‍රාර්ථනා  නොකර ඉන්න බැරි වුණා...

වේදනාව කියන්නේ හැම රෝගෙකම රෝග ලක්ෂණයක් නෙවෙයි. මුඛ පිළිකා වලට හැදෙන තුවාල වල නම් වේදනාවක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා වේදනාවක් නැති වුණත් කටේ තුවාලයක්, ගෙඩියක්, වර්ණ වෙනස් වීමක් තියෙනවානම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම හරිම වැදගත්... 

18 comments:

  1. එක දවසක් අපේ ගෙවල් කිට්ටුව කුසුම අක්ක නැමැති තරම නූගත් කාන්තාව උදේ පාන්දරම ගෙදරින් පිටවෙනවා තුවායකුත් ඔලුවෙ බැඳගෙන.
    මම ඇහුවා කුසුමක්කෙ කොහෙද මේ කියල. මේ දතක් නරක් වෙලා ගලවන්න යනවා ඉස්පිරිතාලෙ.
    හවස හම්බ උනා මූනෙ පැත්තක් ඉදිමිලා, කිව්වත් වගේ දත ගලවලා.
    හොයල බැලුවා ඔය කියන කෑගල්ලෙ ඉස්පිරිතාලෙ ක්‍රමය (දැනට අවු. 15 කට පෙර)
    උදෙන්ම ගිහින් නොම්බරයක් ගන්නවා.
    නර්ස් නෝනා ඇවිත් කියනවා දත් ගලවන අය එන්න කියලා.
    කොයි දතද ගලවන්නෙ කියල අහලා ඒකට ඉන්ජෙක්ෂන් එක ගහනවා.
    ඉන් පස්සෙ ඩොකා ඇවිත් දත ගලවනවා. එච්චරයි. හරිම සිම්පල්
    සමහර වෙලාවට ඩොකා පරක්කු උනොත් ලෙඩාගෙ හිරි ඇරිලත් ඉවරයි.
    එතකොට මර ලතෝනි දෙනවා.
    ...
    දැන් නම් තත්වය කෙසේද කියා දන්නෙ නෑ.
    ඉතින් එහෙම ලෙඩාට ගෙදර ඉඳන්ම තිරනය කරන්න පුලුවන්ද ප්‍රතිකාරය මොකක්ද කියල.
    ඒක ගලවනවද, රිෆිල් කරනවද කියල තීරනය කරන්නෙ ඩොකා නෙවෙයිද
    අනේ මංද අප්ප ලෙඩ්ඩු නූගත් තමයි.
    ඒත් ඔය කියන ඩොකාල සහ නර්ස් නූගත් නෙවෙයිනෙ

    ReplyDelete
    Replies
    1. තව එකක් අමතක උනා, සිරාවටම දත් කැක්කුම හැදුනම කොයි දතද රිදෙන්නෙ කියල ඇහුවට හරියට කියන්නත් බෑනෙ මුලු හක්කම රිදෙන නිසා.
      ඉති ඇඟිල්ලෙන් පෙන්නුවාම එතෙන්ට නර්ස් දෙනවා බඩු.
      ඩොකා ඇවිත් වෙන දතක් ගලවනවා.
      මේක ඇත්තටම වෙච්ච සිදු වීමක්

      Delete
    2. ඔව් ඇනෝ ඔබ හරි... දතක් ගලවන්නද ඕනෙ පුරවන්නද කියන එක තීරණය කරන්න ඕනෙ ඩොක්ටර් තමයි.. ඒත් සාමාන්‍යයෙන් ගොඩක් දත් බැලූ බැල්මට කියන්න පුළුවන් ගලවනවද පුරවනවද කියලා. ස්නායු පිරවීම වගේ ප්‍රතිකාර ගොඩක් රජයේ රෝහල්වල කෙරෙන්නේ නැති නිසා එක්කො දත ගලවනවා. නැත්තම් පුරවනවා.

      සාමන්‍යයෙන් හක්කම රිදෙන වෙලාවට නරක් වෙච්ච දත බැලූ බැල්මට අඳුරගන්න බැරි නම් ඒ වෙලාවට වෙන ක්‍රම පාවිච්චි කරලා ඒ දත හොයාගන්න් පුළුවන්. බැරිම වුණොත් එක්ස් රේ එකක් ගන්න පුළුවන්.

      වැරදි දත් ගලවන වෙලාවල් නම් ඕනේ තරම් තියෙනවා. ඒකට වෛද්‍යවරයාගෙ නොසැලකිල්ලත් හේතු වෙන්න පුළුවන්..

      Delete
    3. ///ඔව් ඇනෝ ඔබ හරි... දතක් ගලවන්නද ඕනෙ පුරවන්නද කියන එක තීරණය කරන්න ඕනෙ ඩොක්ටර් තමයි.. ඒත් සාමාන්‍යයෙන් ගොඩක් දත් බැලූ බැල්මට කියන්න පුළුවන් ගලවනවද පුරවනවද කියලා. ///

      මේක අපේ අම්මත් තෙරුන් ගත්තේ ඊයේ පෙරේදා.. දතක් රත්තරන් වගේ පරිස්සම් කරන හිටියා ගලවුවේම නෑ

      Delete
    4. සම්හර පේෂන්ට්ලා විදුරුමස් රෝග නිසා හොඳටම හෙලවෙන දත් වත් ගලවන්න කැමති නැහැ.....

      Delete
  2. AnonymousApril 10, 2015 at 12:38 AM කියපු දේ මටක් වෙලා තියනවා, හැබැයි ඇනට අවුරුදු 15 - 20කට ඉස්සර අම්පාරේ දී, දත් කැක්කුම හැදිලා ඉස්පිරිතාලේ ගියෝත් එක විසඳුමයි තිබුනේ ඇනෝ කියපු විදිහටම නර්ස් විදිනවා ඩෙන්ට්ස්ට් උගුල්ලනවා, තුනක් ඉගුල්ලුවා. වෙනත් විසඳුම් තිබුනේ ඩෙන්ටිස්ට් ගේ ක්වාරටස් එකේ විතරයි, ඒවාට මිළ ගෙවන්න දුප්පතුන්ට බෑ. ඊට පස්සේ වෙනත් රටකදී ඩෙන්ටිස්ට් කෙනෙක් විස්සොප උනා ඉතිරිව තිබුන දත්වල පෙනුමේ හැටියට උගුල්ලලා තියෙන්නේ පොඩි ෆිලින් එකකින් බේරගන්න පුළුවන් හොඳ ශක්තිමත් දත් වෙන්නම ඇති කියලා, ඒත් දැන් ඉස්පිරිතාල වල තත්වය දියුණු ඇති කියා හිතනවා. තව කතන්දරයක් තියනවා පේරා ෆැකල්ටි එකේදී කරපු දෙයක් ගැන වෙනම කොමෙන්ට් එකක් දානවා ඒකට.

    ReplyDelete
    Replies
    1. ඉහත ඇනෝට දක්වා ඇති පිළිතුර සෑහේ යැයි හිතනවා..

      Delete
  3. අනේ මතක් කරන්න ඒපා දත් පුරවන ඒක ගැන නම් .... තාම ගලවලාවත් නැහැ... ඒත් මට බෑමයි හිතෙන්නේ..... අැයි මංදා

    ReplyDelete
    Replies
    1. ඒ දත විදින එක නිසා වෙන්න ඇති...

      Delete
  4. මගෙ ස්නායු පුරවපු දතක් තියනව ඒකෙ කැලි කැලි ගලවෙල ගිහින් පැත්තක් විතරඉ ඉතුරු වෙල ටිහ්යෙන්නෙ හබැයි පිරවුම තියනව එතන හැමදාම මදිනව වුනත් ලාවට කලුවෙල තියනව බුරුසුවට අහුවෙන්නෙ නැති ටිකක් ලවට කිවුවෙ ඉතින් ලවටමත් නෙමේ මෙහෙම කාලෙකින් මුලු දතම ගැලවිලම යන ඒක වලක්වා ගන්නෙ කොහොමද?
    .
    .
    .
    .
    වැඩී නම් මල් හතඉ දිගටම කරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. Crown restoration එකක් කරගන්න. එතකොට මුළු දතම ගැලවිලා යන එක වලක්වගන්න් පුළුවන්. ඒකෙදි කරන්නෙ දත උඩට කොපුවක් වගේ එකක් දාන එක.

      ස්තූතියි..

      Delete
  5. කියවන්න ආස හිතෙන්න වගේම කියන දෙවල් පැහැදිලිව තේරුම් යන විදිහට ලියල තියෙනවා. මේ පොස්ට් එක මට නම් ගොඩක් වටිනවා. ඒ දැනුමෙන් ගොඩක් අයට උදව් කරන්න පුලුවන් වේවි.

    ReplyDelete
  6. දතක් පුරවන්න ප්‍රයිවට් කීයක් ගන්නවද?
    ලොකු කේස් එකක් නෙවේ .. සීත බොද්දි ලාවට රිදෙනව.

    ReplyDelete
  7. දත් ගැලෙව්වම කෑලි ඉතුරු උනොත් මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කැලි ආපහු ගලවනවා හිරි වට්ටලා තමා කරන්නේ ගොඩක් දිරපු දත් ගලවන කොට තමයි කෑලි කැඩිලා ඉතුරු වෙන්නේ

      Delete
  8. ගොඩක් වටිනවා. ඔක්කොම ලිපි ටික් කියෙව්වා

    ReplyDelete